බහරේනය, ජෝර්දානය සහ කුවේට් වෙත ඉරානයෙන් නැවත ප්‍රහාර

බහරේනය, ජෝර්දානය සහ කුවේට් වෙත ඉරානයෙන් නැවත ප්‍රහාර

July 21, 2026   05:15 pm

ඉරානය විසින් බහරේනය, ජෝර්දානය සහ කුවේට් රාජ්‍යය වෙත යළිත් වරක් ප්‍රහාර එල්ල කර තිබේ.

දකුණුදිග ඉරානය ඉලක්ක කරමින් අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.

මීට අමතරව ප්‍රහාරවලට ලක්වූ නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගිනි ගැනීමකට ලක්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර යේමනයේ හූති කැරලිකරුවන් විසින් සවුදි අරාබිය වෙත නාවික අවහිර කිරීමක් පැනවීමට පියවර ගැනීමත් සමඟ ගල්ෆ් කලාපය තුළ නව යුද පෙරමුණක් නිර්මාණය වී තිබේ.