සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

July 21, 2026   10:06 pm

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (21) පැවැත්වුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, එස්. එම්. මරික්කාර්, චිත්‍රාල් ප්‍රනාන්දු සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගි වී තිබේ.