ඇමති විජිත සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක්
July 23, 2026 04:42 pm
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් අද (23) පවත්වා තිබේ.
ඒ, මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ අතුරු සම්මේලනය අතරතුරය.
එහිදී මොවුන් දෙපළ අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව කෙටි සාකච්ඡාවක් පවත්වා ඇත.
ජුලි මස 23 සහ 24 යන දෙදින තුළ ආසියාන් කලාපීය සංසදයේ 33 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50 වැනි සංවත්සරය මේ වනවිට පිලිපීනයේ මැනිලා නුවර පැවත්වෙයි.
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අවස්ථා දෙකේදීම දේශන පැවැත්වීමට නියමිතය.
