මට්ටක්කුලිය පාලම අසල වෙඩිතැබීමක්
July 23, 2026 09:45 pm
වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) අසල පිහිටි උත්සව ශාලාවකට අද (23) රාත්රියේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.
කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ උත්සව ශාලාවකට මෙලෙස වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
වත්තල පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
