ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට මහජන පෙත්සමක්
July 26, 2026 09:33 pm
ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් අද (26) මාවතගමදී පැවැත්විණි.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එහිදී ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කරමින් මහජනතාවගෙන් පෙත්සම සඳහා අත්සන් ලබාගැනීම සිදුකෙරිණි.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද එක්ව සිටියහ.
