දෙරණ සිග්නල් සරුංගල් සැණකෙළියට ජර්මනියේ නෝලිමිට් කයිට් දිවයිනට
July 26, 2026 09:50 pm
'දෙරණ සිග්නල්' කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සහභාගිවීම සඳහා ජර්මනියේ 'නෝලිමිට් කයිට්' කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු අද (26) දිවයිනට පැමිණියේය.
ඔවුන් එළැඹෙන අගෝස්තු මස 9 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්කර ඇති සරුංගල් සැණකෙළියේ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා මෙලෙස පැමින සිටියි.
6වැනි වරටත් සංවිධාන කරන 'දෙරණ සිග්නල්' කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා රටවල් 30ක් නියෝජනය කරමින් සරුංගල් ශිල්පීන් 80 දෙනෙකු සහභාගි වීමට නියමිතය.
විදෙස් සරුංගල් ශිල්පීන්ට අමතරව දේශීය සරුංගල් තරගකරුවන් 1500 දෙනෙක්ටද මෙවර සරුංගල් සැණකෙළියට සහභාගි වීමට අවස්ථාව උදාකර දී තිබේ.
සරුංගල් සැණකෙළියේ දේශීය තරගකරුවන් ලියාපදිංචිය මේ මස 31 වැනිදායින් අවසන් වීමට නියමිත අතර, දේශීය තරග අංශය සඳහා තරගකරුවන්ට කාණ්ඩ 8ක් යටතේ ලියාපදිංචි විය හැකිය.
ලියාපදිංචි වීම සඳහා තරග කාණ්ඩයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය, නම, ප්‍රදේශය සහ දුරකථන අංකය සඳහන් කර 0770 50 30 08 අංකයට වට්ස්අප් පණිවුඩයක් යොමුකළ යුතුය.
දේශීය තරග අංශයේ කාණ්ඩ
A - වයස අවුරුදු 15න් පහළ කාණ්ඩය
B - නිර්මාණාත්මක සරුංගලය
C - දෙරණ ලාංඡනය යෙදු නිර්මාණාත්මක සරුංගලය
D - සිග්නල් ලාංඡනය යෙදු නිර්මාණාත්මක සරුංගලය
E - වර්ණවත්ම සරුංගලය
F - විචිත්‍රවත්ම සැරසිලි යෙදු සරුංගලය
G - කලාත්මක මොණර සරුංගලය
I - සිග්නල් රාත්‍රී සරුංගලය
