දෙවිනුවර පෙරහැරේ කාවඩි ගැන අවසන් තීරණයට සාකච්ඡා ඇරඹෙයි

දෙවිනුවර පෙරහැරේ කාවඩි ගැන අවසන් තීරණයට සාකච්ඡා ඇරඹෙයි

July 27, 2026   04:26 pm

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මාතර දිසාපති කාර්යාලයේදී මේ වනවිට පැවැත් වේ.  

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මේ බව පැවසුවේ, මෙම සාකච්ඡාවේදී දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

මෙම විශේෂ සාකච්ඡාවට සහභාගී වීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් දිසාපති කාර්යාලයට පැමිණියේය.