ආයෝජක සබඳතා සහ ණය විනිවිඳභාවයෙන් ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණු වන රටවල් අතරට

ආයෝජක සබඳතා සහ ණය විනිවිඳභාවයෙන් ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණු වන රටවල් අතරට

July 28, 2026   06:44 am

ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කර ගන්නා ස්වෛරී රාජ්‍යයන් අතරට එක්ව ඇති බව Institute of International Finance - (IIF) ආයතනය විසින් නිකුත් කළ 2026 ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව, විශාලතම ගෝලීය දියුණුවක් වාර්තා කළ රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පත්ව තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් පසු ආයෝජක විශ්වාසය යළි ගොඩනැගීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙහිදී විශේෂයෙන් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ආයෝජක සබඳතා රටේ ලකුණු අගය (Investor Relations Country Score) 2025 වසරේ 37.33 සිට 2026 වසරේ 43.67 දක්වා ඉහළ ගොස් තිබේ. ලකුණු 6.3ක මෙම වර්ධනයත් සමඟ, වාර්තාව සඳහා ඇගයීමට ලක් කළ නැගී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57 අතරින් ශ්‍රී ලංකාව ඉහළම කාර්තුවට ඇතුළත් වී ඇත.

එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට වඩා වැඩි ප්‍රගතියක් වාර්තා කර ඇත්තේ වියට්නාමය, බෙලීස් සහ මොසැම්බික් යන රටවල් පමණක් බව IIF පවසයි.