රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි
July 28, 2026 10:02 am
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය අද (28) යළි අධිකරණයට රැගෙනවිත් තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමග සම්බන්ධ වූ අල්ලස් වංචාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
