පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද

July 28, 2026   10:31 am

අයුතු අවහිරය, පහරදී, තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරනයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණය, දඩුවම් නියම කිරීම අද (28) සිදුකිරීමට නියමිතය.

චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා 4කට, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා 3ටත් වැරදිකරු බවට තීරණය කෙරුණි.

කෙසේ නමුත් රියදුරු බන්දුල රත්නායක මියගගොස් ඇති බව මෙහිදී සඳහන් කෙරුණි.

2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනක බණ්ඩාරවෙල  නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය කෙරුණි.

තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මඟහරස් කළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජනය කර පහරදී තුවාල සිදුකර ඇති බවද පැමිණිල්ල විසින් චෝදනා කර තිබුණි.