ඇතෙකුගේ පහරදීමෙන් අවාසනාවන්ත ලෙස මියගිය දෙදරු පියා
July 28, 2026 01:47 pm
ආණමඩුව තෝණිගල ප්රදේශයේ ඇතෙකු සිදුකළ පහරදීමකින් දෙදරු පියෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
අද (28) අලුයම මෙලෙස මියගොස් ඇත්තේ තෝණිගල පදිංචි එච්.එම්.ගාමිණි සත්කුමාර නැමති 68 හැවිරිදි පුද්ගලයෙකි.
තම ගෙවත්තට ඇතෙකු කඩා වැදී ඇති බව දැනගත් ඔහු නිවසේ ඉදිරිපස කොටසට ගොස් එහි රැදී සිටිමින් අලියා එළවා දැමීමට කටයුතු කර තිබුණි.
කෙසේ නමුත් ගෙහිමියා රැදී සිටි නිවස ඉදිරිපස කොටසේ සිට අඩි 30කට ආසන්න දුරකින් සිටි ඇතා නොසිතූ ලෙස නිවස දෙසට එකවර කඩා වැදී තිබේ.
එම මොහොතේ නිවසේ ඉදිරිපස කොටස තුළ සිටි ඔහුට ඇතා විසින් පහර දී අඩි 100කට ආසන්න දුරකට රැගෙන ගොස් එහිදී ද පාගා අවාසනාවන්ත ලෙස මරා දමා තිබු බව සඳහන් වෙයි.
ඔහුගේ සිරුර පුරා දරුණු ලෙස ඇතාගේ දළ පහර වැදී තුවාළ සිදුව තිබු බව ආණමඩුව පොලීසිය පවසයි.
ආණමඩුව පොලීසිය අදාළ මරණය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
