ගිනිබත් වුණු ප්ලාස්ටික් බඩු කඩේ...

ගිනිබත් වුණු ප්ලාස්ටික් බඩු කඩේ...

July 29, 2026   05:16 pm

මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට ප්ලාස්ටික් බඩු අලෙවි කරනු ලබන වෙළෙඳසැලක ගින්නක් හට ගෙන තිබේ.

අද(29) පස්වරුවේ ඇති වු ගින්නෙන් වෙළෙඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

විදුලිය කාන්දුවීමෙන් මෙම ගින්න ඇතිවන්නට ඇතැයි පොලීසිය සැක කරනු ලබයි.

මාතර ගිණි නිවන හමුදාව, ⁣මාතර පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කිරීමට මේ වන විට සමත්ව තිබේ.

මේ අතර, ගින්නෙන් කිසිදු ජිවිතහානියක් මෙතෙක් වාර්තා නොවන බව පොලීසිය සඳහන් කරයි.