අගොස්තු මාසයේ ඉන්ධන මිලේ වෙනසක් නෑ
July 31, 2026 04:25 pm
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා අද (31) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව පැවසීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 414.00ක් ලෙස පැවති මිල ගණන් යටතේම පවතියි.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382.00ක් ලෙස ද ඔක්ටේන් 95 පෙට්රල් ලීටරය මිල රුපියල් 495.00ක් ලෙස ද එලෙසින්ම පවතී.
සුපර් ඩීසල් මිල රුපියල් 478.00ක් ලෙස සහ භූමිතෙල් මිල රුපියල් 285.00ක් ලෙස පවතින මිල ගණන් යටතේම පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
