ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 05 වෙනිදා මැදියම් රැයෙන් පසු තහනම්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 05 වෙනිදා මැදියම් රැයෙන් පසු තහනම්

August 1, 2026   08:26 pm

2026, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අගෝස්තු මස 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව එම විභාග කටයුතු අවසන් වනතුරු මෙම තහනම බලපැවත්වෙනු ඇත. 

එම කාලයේදී 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම සිදු නොකළ යුතුය. 

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ. 

2026, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වෙනිදා මධ්‍යස්ථාන 2723ක පැවැත්වීමට නියමිතව තිබේ.