මහර බන්ධනාගාරයට සිදුවු හානිය - අද දෙරණට සුවිශේෂී දර්ශන පෙළක්

මහර බන්ධනාගාරයට සිදුවු හානිය - අද දෙරණට සුවිශේෂී දර්ශන පෙළක්

August 2, 2026   10:53 am

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (01) රාත්‍රිය පුරාවට බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් පරිපාලනය සමඟ ගැටුම් ඇති කර ගනිමින් බන්ධනාගාරයෙන් පලායෑමට උත්සාහ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදී දරන ලද එම උත්සාහයන් ව්‍යර්ථ කර ඇති බව වාර්තා වේ.

එම සිදුවීම් අතරතුර ඔවුන් විසින් බන්ධනාගාරයේ දේපොළ රැසකට දැඩි හානි සිදුකර ඇති අතර, පරිපාලන ගොඩනැගිලි හා ලිපිලේඛනවලට ද ගිනි තබා විනාශ කර ඇති අයුරු අද දෙරණ ලැබුණු මෙම වීඩියෝ දර්ශනවල සටහන්ව තිබේ. 

අද (02) පෙරවරුව වන විට බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක අංශවල සහාය ඇතිව බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිවී ඇත.

Related News