මීගමුවේ ධීවර යාත්‍රාවක් පෙරළී අතුරුදන් වූ අයෙකුගේ මළසිරුර හමුවෙයි

මීගමුවේ ධීවර යාත්‍රාවක් පෙරළී අතුරුදන් වූ අයෙකුගේ මළසිරුර හමුවෙයි

August 2, 2026   12:58 pm

මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි. 

අනතුරට පත් අනෙක් ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණීමෙන් පසු බේරාගෙන මේ වන විට රෝහල්ගත කර තිබේ.

ඊයේ (01) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවක් පෙරළීමෙන් මෙම අනතුර සිදු විය.

යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව මුලින්ම අනාවරණය වී ඇත්තේ වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් කරන ලද දැනුම්දීමකට අනුවය. 

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී, ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය තවත් ධීවර යාත්‍රා 3ක් ද අතුරුදන්ව ඇති බවට තොරතුරු අනාවරණය විය.

මේ හේතුවෙන් අනතුරට ලක්වූ ධීවරයින් සහ අතුරුදන් වූ යාත්‍රා මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කෙරිණි.

එම සෙවීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙන්ම නාවික හමුදාව සතු ඩෝරා යාත්‍රාවක් සහ විශේෂ කිමිදුම්කරුවන් කණ්ඩායමක් ද යොදවා තිබුණි.