ඉදිරි පැය 36 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය
August 2, 2026 04:20 pm
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි නවතම කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.
ඒ අනුව සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.
මේ අතර උතුරු-මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව ද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
