විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය
August 2, 2026 05:58 pm
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කළේ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නීත්‍යානූකූල විවරණය අධිකරණ අමාත්‍යංශය වෙත ලබා දී ඇති බවය.
ඒ අනුව අධිකරණ අමාත්‍යංශය විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02කින් දීර්ඝ කිරීම සදහා වු යෝජනාවක් පසුගියදා අධිකරණ අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය කැබිනට් මණ්ඩලයේදී අනුමත කරනු ලැබීය.
රජය සදහන් කළේ මේ වන විට දිවයින පුරා අධිකරණවල නඩු ලක්ෂ 11කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බැවින් එම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය.
