නිසල සෙවණේ වෙඩික්කරු අල්ලයි
August 2, 2026 06:55 pm
විදෙස්ගතව සැඟව සිටින 'සැන්ඩෝ' නම් අපරාධකරුගේ පියා නිසල සෙවණ සුසාන භුමියේදී වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලය ප්රදේශයේ නිවසක සැඟව සිටියදීය.
කොස්මල්ලී නම් අපරාධකරු විසින් අදාළ වෙඩි තැබීම සඳහා සැකකරුට රුපියල් 280,000ක මුදලක් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඔහු 2025 වසරේදී සිදුකළ වෙඩිතැබීමකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් ජුලි 13 ඇප ලබා පැමිණ ඇති අතර පසුව ඉකුත් 19වැනිදා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.
සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු 2015 වසරේදි යුද හමුදා විශේෂ බලකායෙන් ඉවත් වූ අයෙක් බව සඳහන් වෙයි.
