උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

August 2, 2026   07:25 pm

නැගෙනහිර සහ උතුරු මැද පළාත්, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම  අවධානය යොමු කල යුතු මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.