මහර බන්ධනාගාර සිද්ධිය ගැන රස පරීක්ෂක නිරීක්ෂණය අද
August 3, 2026 06:22 am
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයන් අද (03) සිදු කරන බව පොලිසිය පවසයි.
මේ අතර මහේෂ්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (02) දිනයේ සිදුකළ බවද පොලිසිය පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ මහර බන්ධනාගාරයේ පසුගිය සෙනසුරාදා දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව රැදවියන් 104දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගත් බවය.
ඒ අනුව ඔවුන් දුම්බර, වැලිකඩ, බුස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව හා පොලොන්නරුව යන බන්ධනාගාර වෙත මාරුකර යවා තිබේ.
බන්ධනාගාරයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැදවියෙකු මියගිය අතර තවත් 10දෙනෙකු තුවාල ලැබීය.
ඔවුන් මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.
අදාල සිද්ධියේ දී රැදවියන් විසින් බන්ධනාගාරයේ ගොඩනැගිලි සහ දේපල රැසකට අලාභ හානි සිදු කර තිබූ අතර එහි හානිය රුපියල් කෝටි 15කට අධික බව වාර්තා වේ.
ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව මහර බන්ධනාගාරයේ සිදුවන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අද සිට දින 03ක් රැදවියන් සදහා අමුත්තන් පෙන්වීම නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණි.
