නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බීඩිකොළ තොගයක් මීගමුවේ දී අල්ලයි
August 3, 2026 08:19 am
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් 234කට අධික තොගයක් මීගමුව, බ්රවුන්ස් වෙරළ ප්රදේශයේදී සොයා ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය සමත්ව තිබේ.
බටහිර නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම දී මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇත.
ආරක්ෂක අංශ සැක පළ කරන්නේ සිදුකළ වැටලීම් හමුවේ ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි කොළ තොගය අතහැර දමා පලා යන්නට ඇති බවය.
නාවික හමුදාව භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
