මි.මී. 258.6ක වැඩිම වැස්ස නෝටන්වලට
August 4, 2026 11:10 am
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය නෝටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නෝටන්වලට මි.මී 258.6ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවය.
ඊයේ (03) උදෑසන 8.30 සිට අද (04) උදෑසන 8.30 දක්වා වූ පැය 24ක කාලය තුළ කැනියන් මි.මී 234.6ක්, ලක්ෂපාන මි.මී 208ක්, කාසල්රී මි.මී 164ක්, මාඕස්සාකැලේ මි.මී 125ක්, ඉහළ කොත්මලේ මි.මී 110.3ක් සහ කොත්මලේට මි.මී 105ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

