අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පවුල් 1,091ක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ පවුල් 1,091ක් පීඩාවට

August 4, 2026   12:48 pm

පවතින අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 1,091ක් පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී එක් අයෙකු අතුරුදන් වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට තරමක් පහව ගොස් ඇති බවත් නුවරඑළිය දිස්‍ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (04) පැවති මාධ්‍ය හමුවකදී දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරිය පැවසූවේ, පවුල් 1,091ට අයත් පුද්ගලයින් 3,951ක් පීඩාවට වී ඇති බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 20ක පවුල් 523කට අයත් පුද්ගලයින් 2,195 දෙනෙකු සිටින බවත්, ඥාති නිවාසවල සාමාජිකයන් 224 දෙනෙකු සිටින බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදු වූ ආපදාවලින් නිවාස 2ක් පූර්ණ සහ අර්ධ වශයෙන් නිවාස 90ක් හානි වී ඇති බවත්, නිවාසවලට කාන්දු වු ජලය බැසයෑමෙන් පසුව එම පිරිස ආපසු ඔවුන් පදිංචි නිවාසවලටම යොමු කිරීමට පියවර ගන්නා බව දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් පැවසීය.