විජේට සහ ත්‍රිෂාට අපහාස කළැයි උදයනිධි ස්ටාලින් පොලිස් අඩස්සියට

විජේට සහ ත්‍රිෂාට අපහාස කළැයි උදයනිධි ස්ටාලින් පොලිස් අඩස්සියට

August 4, 2026   01:43 pm

DMK පක්ෂයේ ප්‍රබල නායකයෙකු මෙන්ම තමිල්නාඩු විපක්ෂ නායකවරයා වන උදයනිධි ස්ටාලින් අද (04) උදෑසන චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් අඩස්සියට ගෙන තිබේ. 

මෑතකදී පැවැති දේශපාලන රැලියකදී, තමිල්නාඩුවේ වත්මන් මහ ඇමති සී. ජෝසෆ් විජේ නොහොත් ‘තලපති විජේ’ වෙත එල්ල කරන ලදැයි කියන අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී උදයනිධිගේ පාක්ෂිකයන් විසින් දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක් වන ත්‍රිෂා ඉලක්ක කරගනිමින් විවිධ අයුරින් සූක්ෂම සහ අපහාසාත්මක සෙලෝගන් නිර්මාණය කර තිබේ. 

විජේ සහ ත්‍රිෂා අතර පවතින සුහදතාවය මුල්කර ගනිමින් කළ මෙම ප්‍රකාශ හමුවේ, තමිල්නාඩු දේශපාලනය මෙන්ම සිනමා ලෝකය ද ඇවිලී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම සිදුවීමෙන් පසු, විජේගේ පාලක ‘තමිළග වෙට්‍රි කසාගම් (Tamilaga Vettri Kazhagam - TVK)’ පක්ෂය වහාම ක්‍රියාත්මක වී ඇති අතර, ඔවුන් මේ පිළිබඳව පොලීසියට මෙන්ම ජාතික කාන්තා කොමිසමට ද පැමිණිලි කරමින් දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

එම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය, උදයනිධිට එරෙහිව මුදල් හා අපහාස කිරීම් සම්බන්ධයෙන් වාර්තාවක් ගොනුකර මෙලෙස ඔහුව අඩස්සියට ගෙන තිබේ.