දෙහිවලදී පුද්ගලයෙකු ඉලක්ක කර තැබූ වෙඩිල්ලක් ව්‍යර්ථ වෙයි
August 4, 2026 08:55 pm
දෙහිවල කඩවත පාර දහනායක ක්‍රීඩාංගණය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කරමින් සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ත වී තිබේ.
අද (04) පස්වරු 08.10ට පමණ මුහුණු ආවරණය කරගනිමින් යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකිරීමට තැත් කර තිබේ.
ක්‍රීඩාංගණය අසල පිහිටි බේකරියක හිමිකරුවෙකු ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති නමුත් එම අවස්ථාවේ දී වෙඩික්කරුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැත.
එහිදී බේකරි හිමිකරු, වෙඩික්කරු සමඟ පොරබදා ඇති අතර ඒ අනුව වෙඩික්කරුගේ ගිනිඅවිය බේකරි හිමිකරු විසින් උදුරාගෙන තිබේ.
පසුව වෙඩිකකරු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර බේකරි හිමිකරු සුළු තුවාල ලබා ඇති බවද පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවය.
