අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 16,000කට අධික පිරිසකට බලපෑම්

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 16,000කට අධික පිරිසකට බලපෑම්

August 5, 2026   07:02 pm

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 16,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනුයේ ආපදාවෙන් පවුල් 4,151කට අයත් පුද්ගලයින් 16,345ක් බලපෑමට ලක්ව ඇති බවය.

මින් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 1,912කට අයත් පුද්ගලයින් 7,288ක් පීඩාවට ලක්ව ඇති අතර මරණය 06ක්ද වාර්තා වේ.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් එක් මරණය බැගින් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇත.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි යක් සහ අර්ධ නිවාස හානි 581ක්ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිවයින පුරා දිස්ත්‍රික්ක 11කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 383කින් මෙම අගයන් වාර්තා වී ඇති බවය.