නව යුද හමුදාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
August 5, 2026 07:21 pm
ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වැනි යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරිය හමුවීමේ සම්ප්රදාය අනුව අරලියගහ මන්දිරයට පැමිණි යුද හමුදාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර සම්ප්‍රදායානුකූල සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.
එහිදී නව යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සුබපැතුම් පිරිනැමූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
