වී අලෙවි මණ්ඩලය වී ටොන් 19,592ක් මිලදී අරන්
August 6, 2026 11:29 am
යල කන්නයේ වී මිලදී ගැනීම් අඛණ්ඩව සිදු කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.
ඒ අනුව ජූලි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ටොන් 19,592ක වී මිලදී ගෙන ඇති බව ඔහු ප්රකාශ කළේය.
අස්වනු නෙළන ප්රදේශ අනුව ගබඩා විවෘත කිරීම ඉදිරියේදී සිදු කරන බවත් මේ වනවිට ගබඩා 100කට වැඩි ප්රමාණයක් විවෘත කර ඇති බවත් සභාපතිවරයා කියාසිටියේය.
මේ දක්වා පොළොන්නරුවේ ඇති සියලු ගබඩා විවෘත කර නොමැති බවත් සීමිත ප්රමාණයක් විවෘත කර ඇති බවත් සඳහන්ය.
ඒ අනුව අස්වනු නෙළීම ආරම්භවීමත් සමඟ මෙම ප්රදේශවල ඇති ගබඩා විවෘත කිරීමට අපේක්ෂා කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
