ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති සහ නාවික හමුදාපති අතර හමුවක්

August 6, 2026   03:17 pm

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති Semih Lütfü Turgut සහ නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (06) පවත්වා තිබේ. 

ඒ, නාවික හමුදා මූලස්ථානයේදීය.

එහිදී මෙරට 27 වැනි නාවික හමුදාපති ලෙසවැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත තානාපතිවරයා සිය සුභාශිංසන එක් කළේය. 

අනතුරුව ඔවුන් දෙපළ දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය. 

මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.