අගෝස්තු මාසයට අදාළව ගෑස් මිලේ වෙනසක් නෑ

අගෝස්තු මාසයට අදාළව ගෑස් මිලේ වෙනසක් නෑ

August 6, 2026   03:25 pm

අගෝස්තු මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.

ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් අගෝස්තු මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව එම සමාගම සඳහන් කළේය.

ඒ අනුව, 2026 අගෝස්තු මාසය සඳහා දැනට පවතින මිල ගණන්ම වලංගු වන අතර 

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් -රු. 4,465
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් - රු. 1,792
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් - රු. 835

ලෙස අඛණ්ඩව පවතින බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් දැනුම් දී තිබේ.