වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු

වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු

August 6, 2026   10:29 pm

2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකිකරු පැතුම් නිස්සංක අද (6) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍රවිය.

එමෙන්ම මෙහිදී වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවාය.

මේ අතර 2025 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙසත් පැතුම් නිස්සංක සම්මාන දිනාගන්දී, ප්‍රබාත් ජයසූරිය හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත්තේය. 

එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හොඳම තුන්ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් සම්මානට ප්‍රාප්ත විය.

මේ අතර 2025 වසරේ එක්දින හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු, හොඳම පිතිකරු ලෙස චරිත් අසලංක සහ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග සම්මානලාභීන් අතරට එක්විය.

දුෂ්මන්ත චමීර 2025 වසරේ විස්සයි20 හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකරගත් අතර, පැතුම් නිස්සංක එම අංශයේද හොඳම පිතිකරු ලෙසත් දසුන් ශානක එහි හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස  සම්මාන දිනා ගත්හ.

2025 වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය හා තුන්ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන ලැබූ අතර, එම අංශයේ හොඳම පිතිකාරිනිය හර්ෂිතා සමරවික්‍රම සම්මාන ලැබූහ.

මේ අතර 2025 වසරේ විස්සයි20 හොඳම පන්දු යවන්නියට හිමි සම්මානය කවිෂා දිල්හාරී හිමිකර ගත් අතර, චමරි අතපත්තු හොඳම පිතිකාරිය හා තුන්ඉරියව් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්යේ.

මෙම සම්මාන උළෙලේ දී 2025 වසරේ නැගීඑන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස පිළිවෙලින් කමිල් මිෂාර හා ඉමේෂා දූලානි ඇගයීමට ලක්වූහ.