බුලත්සිංහල, උඩුගලකන්ද ප්රදේශයෙන් වෑන් රථයක් ප්රපාතයකට පෙරළෙයි
August 7, 2026 10:36 am
බුලත්සිංහල, උඩුගලකන්ද අමරගෙදර ප්රදේශයේදී වෑන් රථයක් ප්රපාතයකට පෙරළී අද (7) උදෑසන සිදුවූ අනතුරකින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
කර්මාන්ත ශාලාවක් සඳහා සේවකයින් රැගෙන උඩුගලකන්ද ප්රදේශයේ සිට පැමිණි වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
තුවාල ලැබූවන්ගෙන් 6 දෙනෙකු හොරණ දිස්ත්රික් රෝහලටත්, 8 දෙනෙකු බුලත්සිංහල ප්රාදේශීය රෝහලටත් ඇතුලත් කර තිබේ.
රෝහල්ගත කළ පිරිසෙන් 12ක් කාන්තාවන් වන අතර, රියදුරු ඇතුළුව තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලැබූවන් අතර සිටින බව සඳහන්ය.
තුවාල ලැබූ පිරිසගේ තත්ත්වයෙන් බරපතළ නොවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
