ලක්ෂ්මන් යාපාට අධිචෝදනා භාරදීමෙන් පසුව ඇපමත මුදාහරී
August 7, 2026 01:48 pm
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට අධිචෝදනා භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුකරය අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකරුට භාරදීම සිදු විය.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා එක් ඇපකරුවකු ළඟම ඥාතියකු විය යුතු බවටත් නියෝග කර ඇත.
ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 28 වනදා කැදවන ලෙස නියෝග කළේය.
2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්යයාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුවෙන් චෝදනා එල්ල කර තිබේ.
