ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

August 8, 2026   12:25 am

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට, පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය පසුගියදා නියෝග කර තිබුණි.

අදාළ නියෝගය ඉකුත් මැයි මස 13වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

අදාළ නියෝගයට අනුව අගෝස්තු මස 25 සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදීමට නිර්දේශ කර තිබූ අතර, වැඩතහනමට ලක් වූ දින සිට මේ දක්වා ඔහුට අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවීමටද තීන්දුව ලබාදී තිබුණි.

2020 වසරේ ජූලි මාසයේදී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැණුනු අතර, මාස 11කකාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමටද සිදුවිය.

පසුව අභියාචනාධිකරය විසින් ඔහු ඇප මත මුදා හරින ලදී.

කෙසේ වෙතත් 2024 වසරේදී 3/2018 චක්‍ර ලේකයේ ප්‍රතිපාදන අනුව යලි සේවයේ පිටවූ ශානි අබේසේකර මහතා, අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරනු ලැබීය.