මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න

මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න

August 8, 2026   03:33 pm

මාතර සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ඉල්ලීමක් සිදු කරයි. 

නිවේදනයක් නිකු කරමින් එම අමාත්‍යාංශය ඉල්ලා සිටියේ, සෙසු ප්‍රදේශවලින් පිටත්වන යාත්‍රා මෙම අවදානම් කලාපවලට ඇතුළු නොවන ලෙසය. 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක් අතිශය රළු ස්වභාවයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (08) නිවේදනය කළේය. 

ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉතා ඉහළ අගයකට පත් විය හැක.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බැවින් එම ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත බව එහි දක්වා තිබුණි. 

මේ අතර ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ආරක්ෂක උපදෙස් අකුරටම පිළිපදින ලෙස සමස්ත ධීවර ප්‍රජාවගෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉතා කරුණිකව ඉල්ලා සිටියි.