දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද

දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද

August 9, 2026   06:36 am

දෙරණ මාධ්‍ය ජාලය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ පොලිසිය එක්ව 6වැනි වරටත් සංවිධානය කරන 'දෙරණ-සිග්නල්' කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ගාලුමුවදොර පිටියේදී අද (9) පැවැත්වේ.

මෙම ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා දේශීය තරගකරුවන් මෙන්ම රටවල් 30ක් නියෝජනය කරමින් සරුංගල් ශිල්පීන් එක්වීමට නියමිතය.

සරුංගල් සැණකෙලිය ප.ව. 1ට ආරම්භවීමට නියමිතව ඇති අතර, ප.ව. 6.30 සිට රාත්‍රී 7.30 දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රථම 'රාත්‍රී සරුංගල් සැණකෙළියක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.