අලෙවි නියෝජිත මිලට වඩා වැඩි මිලට යතුරුපැදි වික්ක වෙළෙඳසැල් 03කට දඩ

අලෙවි නියෝජිත මිලට වඩා වැඩි මිලට යතුරුපැදි වික්ක වෙළෙඳසැල් 03කට දඩ

August 9, 2026   05:07 pm

නිල අලෙවි නියෝජිත මිලට වඩා වැඩි මිලට යතුරුපැදි අලෙවි කළ සහ මිල ප්‍රදර්ශනය නොකළ හෙට්ටිපොල යතුරුපැදි වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ නියම කර තිබේ. 

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදීය.

එහිදී එම ආයතනවලට අධිකරණය මගින් රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

යතුරුපැදියක් මිලදී ගැනීමට පෙර එහි මිල ගණන් නිසි ලෙස පරීක්ෂා කරන ලෙසත් පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අයකරන හෝ මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳුන් සම්බන්ධයෙන් 1977 දුරකතන අංකයට පැමිණිලි කරන ලෙසත් පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.