වැසි රහිත කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට

වැසි රහිත කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට

August 11, 2026   06:29 am

පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ජනතාව දැඩි පීඩාවන්ට ලක්ව තිබේ.

ජලය නොමැති වීම හේතුවෙන් සිය ගොවිතැන් කටයුතු පවා සිදුකිරීම මේ වන විට ගැටලුවක් වී ඇති බව එම ප්‍රදේශවල ජනතාව පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් කුඹුරු ගොවිතැන් ද විනාශ වීමට පටන්ගෙන ඇත.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පවසන්නේ ජලය නොමැති වීම හේතුවෙන් සිය අස්වනුවලට දැඩි හානි සිදුව ඇති බවය.

කෙසේවෙතත් එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලට පෙර අදාළ ප්‍රදේශවලට සැලකිය යුතු වැසි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.