පාස්පෝට් කාර්යාලයේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට
August 11, 2026 09:41 am
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (11) පෙරවරුවේ ඇතිවූ හදිසි බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇත.
එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පවසා සිටියේ, බිඳ වැටීමකට ලක්වූ පරිගණනක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ඇති ගත් බවය.
පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය හේතුවෙන් අද පෙරවරුවේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී තිබුණි.
