සුගීෂ්වර යළි රිමාන්ඩ්

සුගීෂ්වර යළි රිමාන්ඩ්

August 12, 2026   12:04 pm

UPDATE:12.25PM

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, සැකකාර සුගීශ්වර බණ්ඩාර මහතා ලබන 25 වනදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කර තිබේ.
-------------------

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා අගෝස්තු 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.