විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කනස්සල්ල 

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කනස්සල්ල 

August 12, 2026   10:39 pm

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් නිකුත් කරමින් ඇය මේ බව පවසා ඇත.

මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ විය හැකි බවට ඇය මෙම ලිපියෙන් අනතුරු අඟවා තිබේ.

දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම මගින් විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට අනිසි බලපෑම් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ ගැටලු මතු විය හැකි බව අදාළ ලිපියෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයි පවසයි.

ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේද සහිතව, විනිවිද පෙනෙන සියල්ල ඇතුළත්ව සහ උපදේශාත්මක යුක්තිය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා විශ්‍රාම යාමේ වයසේ ඕනෑම වෙනසක් සිදු කරන ලෙස ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

මෙම යෝජිත සංශෝධනය එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 14(1) වගන්තියටත්, අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්මවලටත් පටහැණි වීමේ අවදානමක් පවතින බවද ඇය ලිපියෙන් පෙන්වා දී ඇත.

විශේෂ නියෝජිතවරිය යොමුකළ ලිපිය

DownLoadPublicCommunicationFile__2_ by poornima