මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම හෙට පෙරවරුවේ
August 12, 2026 11:50 pm
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම හෙට (13) පෙ.ව. 6.17ට යෙදෙන සුබ නැකතට සිදු කෙරේ.
ඉන් අනතුරුව අගෝස්තු 17වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.
පළමු කුඹල් පෙරහැර අගෝස්තු 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට 22වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ.
පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 වැනිදා වීථි සංචාරය ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 වැනිදා පැවැත්වීමට නියමිතය.
පසුදින එනම් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉන් අනතුරුව එදිනම පෙරහැර සාර්ථකව සිදු කළ බවට පස්වරුවේ දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී භාරදීමට නියමිතය.
