ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව රු. 17,592ක් දක්වා ඉහළට

ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව රු. 17,592ක් දක්වා ඉහළට

August 13, 2026   06:57 am

ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව රුපියල් 277ක ඉහළ යාමක් බව වාර්තා වේ.

පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා  මාසයකට අවශ්‍ය අවම මුදල නිල දරිද්‍රතා රේඛාව මගින් ප්‍රකාශයට පත්කිරීම සිදු වේ.

ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 18,973ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 18,876ක් ලෙස සටහන් වේ.

දරිද්‍රතා රේඛාවේ අවම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රුපියල් 16,821ක් වේ.