ප්‍රමාදවූ රස පරීක්ෂක වාර්තා 9000ක් මසක් තුළ අවසන් කරනවා - ඇමති විජේපාල
August 15, 2026 02:18 pm
දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණ වෙත ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඒ මහතා අද (15) පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
එහිදී පවතින ගැටලු සම්බන්ධයෙන් රැඳවියන් සමග සාකච්ඡාවකද නිරතවී තිබේ.
මේ අනුව ඉදිරියේදී දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලටත් ගොස් නිරීක්ෂණය කර ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
"දැනට ප්‍රමාද වෙලා තියෙන රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කරලා අධිකරණය වෙත ලබාදෙන්නත් සියලු කටයුතු සම්පාදනය කරලා තියෙනවා."
"ලංකාව පුරා තිබෙන බන්ධනාගාර 33නේ සියලු රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡාවක් කළා. ඒ වගේම ඒ තුළ සේවය කරන බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා.
"අවසානයේ අපි තීන්දු කළා ඒ බන්ධනාගාරවලට ගිහිල්ලා
දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ගිනිනිවන හමුදාවේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, STF, නියෝජ්‍ය පොලිස්පති, බන්ධනාගාර අධිකාරීගේ මැදිහත්වීම සහිතව හදිසි අවස්ථාවදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමිටුවක් හදන්න. අද ඒ කමිටුව අපි පල්ලන්සේන තුළ නිර්මාණය කරගන්නවා."
"එහි ප්‍රධානම අරමුණ තමයි රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කරන එක. බන්ධනාගාර තුළ අධික තදබදයක් තියෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒ පිළිබඳව අධිකරණ ඇමතිතුමා මේ වෙනකොට විශේෂ සැලැස්මක් සකස් කරලා තියෙනවා..ප්‍රමාණය අඩු කරගන්න."
