ගල්කිස්සේ පත්තු වූ වෙඩිල්ලෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

ගල්කිස්සේ පත්තු වූ වෙඩිල්ලෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

August 15, 2026   10:51 pm

ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී අද (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවට පොලීසිය සැක කරයි. 

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.

මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.