මත්ද්‍රව්‍ය පානය කර බස් රථ පැදවූ රියදුරන් 4ක් මාට්ටු
August 17, 2026 09:20 pm
තංගල්ල නගරයේ බස් නැවතුම්පොළේ සිදුකළ විෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකින් රියදුරන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
ඉන් දෙදෙනකු පෞද්ගලික බස් රථ රියදුරන් වන අතර සෙසු දෙදෙනා ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරන් වන බව සඳහන්ය.
තංගල්ල පොලීසියේ කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරින්, මාර්ගස්ථ මගී ප්‍රවාහන ආයතනයේ නිලධාරීන් සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරින් එක්ව මෙම පරීක්ෂාව සිදුකර ඇත.
එහිදී සිදු කළ මූත්‍රා සාම්පල පරීක්ෂාවෙන් අනාවරණවී තිබුණේ, මොවුන් සිව් දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවය.
