මුහුදු රළ ඉහළ යාම පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්

මුහුදු රළ ඉහළ යාම පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්

August 18, 2026   07:58 pm

මීගමුව සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම 2026 අගෝස්තු මස 18 වන දින ප.ව. 05.30 සිට 2026 අගෝස්තු මස 19 වන දින ප.ව. 05.30 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.

මීගමුව සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3.0 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

මෙම තත්ත්වය හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.