ADB වෙතින් මිලියන 200ක ණයක් සඳහා ගිවිසුම් අත්සන් තැබෙයි

ADB වෙතින් මිලියන 200ක ණයක් සඳහා ගිවිසුම් අත්සන් තැබෙයි

August 18, 2026   09:56 pm

වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ උපවැඩසටහන් 1 ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබා ගැනීම සඳහා වූ ණය ගිවිසුම් සඳහා අත්සන් තබා තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ආසියනු සංවර්ධන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මිය අතර මෙම ණය ගිවිසුම සඳහා අද (18) කොළඹ මහා භාණ්ඩාගාරයේදී මෙම අත්සන් තැබීම සිදුව ඇත.

මෙම ආයෝජන සහ කර්මාන්ත වැඩසටහන සඳහා ඩොලර් මිලියන 200ක ප්‍රතිපත්ති පාදක ණය පහසුකමක් ලබා ගැනීම අරමුණු කරගනිමින් රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා පවත්වා තිබුණි.

මෙම වැඩසටහන1 පසුගිය 2025 ජාතික ප්‍රතිපත්ති රාමුව සමග අනුකූලවන අතර තිරසාර ආර්ථිකයක් ගොඩනැගිම මෙහි අරමුණ වේ.

තවද වෙළෙඳාම හා ආයෝජන රජයේ ප්‍රධාන ප්‍රමුඛතා වන අතර එම ප්‍රමුඛතා 2026-2028 කාලය සඳහා වූ ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘත්වලද පිළිබිඹු වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙරට ප්‍රධාන සංවර්ධන අභියෝගවලට වැඩසටහන්මය ප්‍රවේශයක් තුළින් විසඳුම් ලබාදීම සඳහා වෙළෙඳ, ආයෝජන හා කර්මාන්ත සංවර්ධන වැඩසටහන සැලසුම් කරනු ලැබූ බවත් මෙම වැඩසටහන උප වැඩසටහන් දෙකකින් සමන්විත වන බවත් මුදල් අමාත්‍යාංශය පැවසීය.

Letter Head Sinhala by poornima