අමෙරිකාවේ සිටින ඉන්දීයානුවන් 18,000ක් පිටුවහල් කිරීමට පියවර
සයුරෙන් එතෙර

අමෙරිකාවේ සිටින ඉන්දීයානුවන් 18,000ක් පිටුවහල් කිරීමට පියවර

February 5, 2025   05:22 pm

අමෙරිකාව විසින් පිටුවහල් කරන ලද ඉන්දීය ජාතිකයින් 104 දෙනෙකු රැගත් අමෙරිකානු ගුවන් යානයක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය වෙත ගොඩබස්වා තිබේ.

නීති විරෝධී ලෙස අමෙරිකාවේ රැඳී සිටින විදේශිකයින් පිටුවහල් කිරීමට ගත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට අනුව අදාළ ඉන්දීය ජාතිකයින් පිරිස අමෙරිකානු හමුදා ගුවන් යානයකින් මෙලෙස පිටුවහල් කර ඇති බව සඳහන් වේ.

පිටුවහල් කළ ඉන්දීය ජාතිකයින් අතර පන්ජාබ්, හර්යානා, චන්දිගර්, උත්තර් ප්‍රදේශ් සහ ගුජරාට් යන ප්‍රාන්තවල පදිංචිකරුවන් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාව විසින් පිටුවල් කිරීමට නියමිත විදේශීක ලැයිස්තුවට ඉන්දීය ජාතිකයින් 18,000ක් ඇතුළත් වන බව වාර්තා වේ.